අන්තර් ජාලය ඔස්සේ වහබ්වාදය හා අන්තවාදය ප්‍රවර්ධනය කළ 2 ක් අල්ලයි

April 2, 2021

අන්තර්ජාල වට්ස්අප් ගිණුමක් උපයෝගි කරගෙන වහබ්වාදී හා අන්තවාදී මත පැතිරූ තරුණයින් දෙදෙනෙකු කාත්තන්කුඩි හිදි පොලිස් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනෙ ඇත.

මොවුන් 28 හා 29 හැවිරිදි වියේ පසුවන තරුණයින් බවත් පසුගිය නොවැම්බර් මස 21 දා මොවුන් කටාර් රාජ්‍යයේ සිට ලංකාවට පිටුවහල් කළ කණ්ඩායමේ සිටි 06 දෙනාගෙන් සොයාගත නොහැකි වූ දෙදෙනා බවත් පොලිසිය පවසයි.

අයි.එස්.අයි. එස් මතාවද ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේදි අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිට මෙරටට එවූ 06 දෙනාගෙන් හය දෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

වට්ස්අප් මෙවලම ඔස්සේ තොරතුරු එවමින් සාම්ප්‍රදායික මුස්ලිම් මතවාදයට පටහැනිව වහබ්වාදි හා අන්තවාදී අදහස් හා වීඩියෝ දර්ශන එවා ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. සහරාන් පාස්කු ප්‍රහාරයට බෙර දුන් බයිඅත් ගිවිසුමේ විඩියෝ පටද මොහු විවිධ කොටස් වෙත බෙදා හැර ඇතැයිද ඔහු පැවසීය.

ත්‍රස්තවිමර්ශන කොට්ඨාශය මොවුන් මේ වන විට රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

t

o

p