ඉඩම් ලියාපදිංචි කිරිමේ ගාස්තුව ද ඇතුළුව ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු ඊයේ (01) දින සිට වැඩි කර ඇත. 2019 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරිම යටතේ මෙලෙස ගාස්තු වැඩි කරන බව දන්වමින් රෙජිස්ටාර් ජනරාල් විසින් 31 දා සවස ගාස්තු වැඩි කිරිමේ චක්‍රලේඛය සියළුම දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර්වරුන් වෙත යොමු කර තිබේ.
ගාස්තු වැඩි කිරීමට පෙර මේ පිළිබදව ජනතාව දැනුවත් කල යුතු අතර එසේ ජනතාව දැනුවත් වීමක් සිදුකර නැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු රංජිත් විතානගේ පවසයි. ගාස්තු වැඩි කිරීමට අදාල ලිපිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වෙත යවා තිබෙන්නේ 2021/03/31 දින සවස් කාලයේ බව අප කල සොයා බැලීමකදී වාර්තාවිය. පෙර දැනුවත් නොකල නිසා ඊයේ දිනයේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් සේවය ලබා ගැනීමට ගිය ජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ බවද ඔහු නිවේදනය කරයි.
ඉඩම් ඔප්පුවක් ලියාපදිංචි කිරිමේ ගාස්තුව මේ අනුව රුපියල් 1000 සිට 1200 දක්වා ඉහළ දමා තිබේ. ගාස්තු වැඩි කිරිමේ ලේඛනය පහත දක්වා ඇත.