මහනුවර පාසල් 18ක් නායයෑමේ අවදානමක

April 3, 2021

ඉදිරියේදී ආරම්භ වන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 18ක්ද ඇතුළුව දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇත.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යටතේ ක්‍රියාත්මක නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථාන හඳුනාගෙන තිබේ.

මෙලෙස නාය යන ස්ථාන මාර්ග ආශ්‍රිතව මෙන්ම මාර්ග ආශ්‍රිත නොවන ගම්මානවලද තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන 12 ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 19 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන 14 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන 03 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 18 ක් ,රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 33 ක්, මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 06 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 19 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ එක් ස්ථානයක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 22 ක් නායයෑමේ අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව සදහන්.

t

o

p