සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි

March 27, 2021

පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.  

නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවට පත් නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17 ක් ඒකාබද්ධ කර අදාළ ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දෙනු ඇත.

අගෝස්තු මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කරන බව ද උපදේශක කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණ විය.

t

o

p