ගත වූ මාස දෙකට අක්කර 43කට හානී

March 21, 2021

මේ වසරේ ගතවූ පළමු මාස දෙක තුළ වන රක්ෂිත ඇතුළු භූමි අක්කර 43කට විවිධ පුද්ගලයින් හානි කර ඇතැයි අනාවරණ වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නීති විරෝධි ලෙස රක්ෂිත එලි පෙහෙලි කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්ෂිත එලි පෙහෙලි කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 52ක්.

2020 වර්ෂය ගත් කළ නීති විරෝධී ලෙස රක්ෂිත එලි පෙහෙලි කිරීමේ සිදුවීම් 270ක් වාර්තා වී ඇති අතර හානි වී ඇති භූමි ප්‍රමාණය අක්කර 62ක්.

t

o

p