දුම් වැටිය කුරුඳු වුණත් වැඩේ නම් අන්තිමයි

March 22, 2021



දේශීය කර්මන්ත ප්‍රවර්ධන කටයුත්තක් විදිහට කුරුදු දුම් පානයක් හදුන්වා දිමක් පසුගිය දා අපි දැක්කා.මේක සිගරට් භාවිතයට විකල්පයක් විදිහට  සද්භාවයෙන් කළ දෙයක් වෙන්න ඇති. ඵ්ත්, විද්‍යනුකුලව නම් මෙතන වෙන්නෙ වෙනම දෙයක්. ඒ ගැන යමක් කීම අපේ සමාජමය යුතුකමක් හින්දයි මේ ටික කියන්නේ.දුම්වැටියේ අන්තර් ගතය මොනවා වුණත් මෙතනදී දුම්බීම කියන දේ ප්‍රවර්ධනය වීම වළක්වන්න බැහැ. ඒ එක්කම මේ වැඩෙන් දුම් බීම නරක පුරුද්දක්ය කියන සමාජගත මතයෙත් පැහැදිලි වෙනසක් සිදු වෙනවා.අනික මේ දුම් වැටි මිල දී ගන්න නිදහසේ ඒවා පාවිච්චි කරන්න ඉඩ ලැබෙන නිසා දුම්බීම සමාජයේ නැවත ව්‍යාප්ත වෙන්න පුළුවන්.


එහෙම දුම් උරන්න පුරුදු වුණාට පස්සෙ නිකටින් අඩංගු දුම් උරන්නත් ඉක්මනින් ම පුරුදු වෙනවා. දුම් ඉරිම සමන්‍ය දෙයක් වුණාට පස්සෙ මේක සමාජගත වෙනවා දුම් වැටි කටේ රුවා ගෙන ඉන්න දර්ශනය හැම තැනම පේන කොට එක අනුකරණය කරන්න සෙසු අය පෙළඹෙනවා. විශේෂයෙන් සමාජය පිළිගත්තු ජනප්‍රිය අයගේ ගති සිරිත්, ක්‍රියාකාරකම් සාමාන්‍ය ජන සමාජය අතරේ ව්‍යාප්ත වීම සාමාන්‍ය දෙයක්. මේ වගේ දේවල් වලට තරුණ පරපුර කවදත් හරිම දක්ෂයි. ඊට පස්සෙ කාලයත් එක්ක අලුත් අලුත් දෙවල් උරා  බීලා අත් හදා බලන්නත් ඒ අය පෙළඹෙනවා. ඒක තරුණ කමේ හැටියක්. වෙනද සිගරට් නොබීපු අයත් අලුතින් ඇබ්බහි වෙන්නෙ මෙනිසා දුම් බිමට විකල්ප ලෙස බෙහෙත් හා ද්‍රව්‍ය තිබෙනවා. එත් එවා පවා නිකුත් කරන්නෙ වෛද්‍යවරයකුගෙ අධීක්ෂණය යටතේ. දුම් වැටි පිළිබඳ ප්‍රවර්ධන සහ ප්‍රචාරක කටයුතුවලට ලෝකය පුරාම තහංචි පනවලා තියනවා. අපේ රටේත් දුම් කොළ හා මධ්‍යසාර ආඥා පනත මඟින් ඒවා පිළිබඳ ප්‍රවර්ධන සහ ප්‍රචාරක කටටුතු මුළුමනින් තහනම් කරලා තියනවා. ඒ පසුබිම යටතේ කුරුඳු දුම්වැටි වලට විශේෂ වරප්‍රසාද හිමි වුණොත් ඒක දුම් වැටි නිෂ්පාදකයන්ට ලොකු වාසියක් වෙනවා.

ලෝකයේ බොහෝ රට වල ඒවගේ අනියම් ප්‍රචාරක වාසි වෙනුවෙන් දුම්කොල නිෂ්පාදන සමාගම් අති විශාල වශයෙන් මුදල් වීසි කරන බවත් අපි අමතක කළ යුතු නැහැ. අනිත් අතට කුරුඳුවලින් දුම් වැටි නොහදුවට තව කරන්න කොච්චර නම් වැඩ  තියෙනවද? චුයින්ගම් !ටොෆි! ඕනෙම හොඳ දෙයක් නරක විදිහටත් කරන්න පුළුවන් කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි කුරුඳු දුම පෙනහල්ලට හොඳ නැද්ද කියන එකත් වෙනම කතාවක්. ඒ ගැන කායික වෛද්‍යවරු කතා කරාවි. නමුත්, කිසිම දුමක් දිගට ඉරිම පෙනහළු වලට හොඳ නැති බව තමයි ඒ අය කියන්නෙ. දේශපාලකයන් හැම දේම දන්නව කියල හිතන එක නොදියුණු සමාජ ලක්ෂණයක්.අපේ රටෙත් දුම් පානය ගැන බලධාරින්ට උපදෙස් දෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බොහොමයක් තියෙනවා. දුම් පානය සම්බන්ධ නොයෙකුත් විද්‍යාත්මක
පරීක්ෂණ නිගමන වාර්තා ඒ අය සතුව තියනවා. නමුත් අපේ සමාජය තුළ දුම් බීම ප්‍රචලිත වීමේ පැහැදිලි අවදානමක් පැන නැඟිලා තියන පසුබිමක් තුළ ඒ පාර්ශවයනුත් නිහඬ වෙනවා නම් ඒකත් බරපතල සමාජ ඛේදවාචකයක් විදිහට තමයි මට නම් පේන්නේ


 විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

t

o

p