රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට එරෙහිව නලින් බණ්ඩාර කළ ප්‍රකාශය ගැන විමර්ශනයක්

March 19, 2021

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සැලේ කළ පැමිණිල්ලකට අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මන්ත්‍රීවරයා පෙරේදා (17) කොළඹ දි පැවැත්වූ මාධ්‍ය හමුවක දි තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ජාතීන් අතර වෛරය දේවේෂය ඇති වෙන බවත් විශේෂයෙන්ම තමා මෙන්ම බුද්ධි අංශ කෙරෙහිද ද්වේෂය වෛරය ඇති වන බවටද බුද්ධි ප්‍රධානියා කළ පැමිණිල්ලේ සදහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි සුරේෂ සැලේ කළ පැමිණිල්ලට අනුව ඔහු අද අපරාධ පරික්ෂණ දෙපාර්තිමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත. එහිදි පසුගිය 17 දා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර තමා සම්බන්ධයෙන් පදනම් විරහිත අසත්‍ය චෝදනා එල්ල කළ බවද එම කරුණු නිසා මැලේ ජාතිකයෙකු ලෙස තමාගේත් තම පවුලේ අයගේත් පෞද්ගලික ආරක්ෂාවටත්, රටේ ආරක්ෂාවටත් තර්ජනයක් බවද පැමිණිල්ලෙන් සදහන් කර තිබේ.

එසේම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිරූපයට හානි වී ඇති බවද ඔහු කියය්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදි පහත කරුණු කියා ඇති බවට සුරේෂ් සැලේ සිය ප්‍රකාශයෙන් දැනුම් දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සහරාන් හෂීම් මැලේසියාවේදි සුරේෂ් සැලේ හමුවූ බවට, සහරාන් හෂිම්ට මැලේසියාවට, ඉන්දුනිසියාවට හා ඉන්දියාවට යාමට සුරේෂ් සැලේ පහසුකම් සැපයූ බවට, ඉන්දියාවේ පුහුණුවකට ගොස් අර්ධ වශයෙන් පුහුණුව නිමකර ලංකාවට පැමිණි බවට, සහරාන් පිළිබදව සුරේෂ් සැලේට දැනුම්ත ඇති මුත් ඔහු පාස්කු කොමිසමට නොකැදවූ බවට නලින් බණ්ඩාර කියා තිබේ.

මේ සියළු කරුණු අසත්‍ය බවට පැමිණිල්ලේ සදහන් කර ඇති සුරේෂ් සැලේ කිසිදු අවස්ථාවක තමන් සහරාන් හමුවී නැති බවත් පහසුකම් සැපයීමක් නොකළ බවත්, තුන් වතාවක් පාස්කු කොමිසමට ගොස් සාක්කි දුන් බවත් පැමිණිලිකරු කියා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීට අදාළව විමර්ශණයක් ආරම්භ කර ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මීට පත් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේයත

t

o

p