මත් ද්‍රව්‍ය පිළිබද ඇතිවූ ගැටුමෙන් තරුණයා ඝාතනය කරයි.

March 19, 2021

ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී ගෙලට පිහියකින් ඇන 19 හැවිරිදි තරුණයෙක් ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මරණකරු සහ සැකකරු අතර ඊයේ (18) ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එම මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබේ. ඝාතනය සිදුකළ බව කියන පුද්ගලයාද ගැටුමෙන් තුවාල ලැබීම නිසා රෝහල්ගත කර ඇත.

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට වියදම් කළ මුදලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම ඝාතනයට හේතුවී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

t

o

p