මත්ද්‍රව්‍ය වරදට අත්අඩංගුවට ගත් තැනැත්තා අන්තවාදී සංවිධානයකට මුදල් දීලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

March 15, 2021

මත්ද්‍රව්‍ය වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ගැන කළ විමර්ශනයේදි ඔහුගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට ලද විශාල මුදලක් අන්තවාදය ප්‍රවර්ධනය කරන සංවිධානයකට බැර කර ඇති බවට හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව ඔහු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පෑලියගොඩ පොලීසියෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට මාරු කළ බවද ඔහු සදහන් කළේය.

මීට මාස කිහිපයකට පෙර පෑලියගොඩ පොලීසිය මගින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙනි. 

එම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සතු ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවය.

ඔහුගේ ගිණුමට ලැබුණු මුදල්වලින් යම් කොටසක් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන යම් සංවිධානයකට බැරකර ඇති බවට ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව එම සැකකරුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

t

o

p