මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව අනුමත කරයි

March 15, 2021

මහජන චීන බැංකුව ශ්‍රී ලංකාව සමග යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමරුව අනුමත කළ බව බිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

මහජන චීන බැංකුව (මාර්තු 10 වැනි දින) ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) අනුමත කළේය. මෙම වැඩපිළිවෙල සාදරයෙන් පිළිගත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශ්වසනීයභාවය පිළිබඳ ප්‍රකාශනයක් බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත ආයෝජකයින් දිරිගැන්වනු ලබන බවත්ය. මෙ පිළිබඳ විධිමත් කටයුතු දුරස්ථ ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මහජන චීන බැංකුව විසින් දරන ලද උත්සාහය  ද ඒ මහතා අගය කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

t

o

p