දඹුල්ල රෝහලට බෙහෙත් ගන්න එන රෝගීන් ආපහු යයි

March 13, 2021

දඹුල්ල මූලික රෝහල වෙත විශේෂයෙන් වෛද්‍ය සායන සඳහා දිනපතා පැමිණෙන සිය ගණන් රෝගීන්ට මෙම ස්ථානයෙහි පවතින අවිධිමත් තත්ත්වය නිසා දැඩි අපහසුතාවකට මුහුණපෑමට නිරන්තරයෙන් සිදුවන නමුත් මෙම තත්ත්වය මගහැරවීමට රෝහල් කළමනාකාරිත්වයට මෙතෙක් නොහැකිවීම ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතුවි ඇත.

මෙම වෛද්‍ය සායන සඳහා දුරබැහැර පෙදෙස්වල සිට බොහෝ රෝගීන් පැමිණෙන අතර ඇතමුන් සායනවලට පෙරදිනයේ පැමිණ කොතනක හෝ අගුපිලක රැඳීසිට ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. නමුත් ඇතැම් අවස්ථාවලදි වෛද්‍යවරුන් හමුවීම සඳහා අංක ලබාගැනීමට නොහැකිවීමෙන් මොවුනට හිස් අතින් යෑමට සිදුවන අවස්ථාද එමට ඇත.

මෙම වෛද්‍ය සායන පවත්වන ස්ථානය එම කාර්ය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් මෙහි රෝගීන්ගේ තදබදයද ඉතා උග්‍ර අතට පත්ව තිබේ.

t

o

p