ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා පාවහන් වෙළෙඳපොළේ

March 13, 2021

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද පාපිස්නා වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන් එම පාපිස්නා නිෂ්පාදනය කරනු ලබන චීන සමාගම සම්බන්ධ කර ගන්නා ලෙස විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

විදෙස් කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ “ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ‘Sri Lanka Flag Non-Slip Doormat‘ ලෙසින් අන්තර්ජාලය මඟින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳ ඇමසොන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වී තිබේ” යනුවෙනි.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ අදාළ නිෂ්පාදනය පිළිබඳ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයටද යොමු කර ඇති බවය.

එමෙන්ම ඇමසොන්හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමඟ මේ කාරණය පිළිබඳ පසු විපරමක් කරන ලෙසට වොෂිංටන් ඩී. සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද උපදෙස් දී තිබෙන බවද ඔහු පැවසීය.

t

o

p