බෝට්ටුවෙන් කැනඩා යන්න හැදු පිරිසක් අල්ලයි

March 12, 2021

නිති විරෝධිව බෝට්ටුවකින් කැනඩාව බලා පිටත්වීමට සුදානම්ව සිටි පිරිසක් කල්පිටියේදි නාවුක හමුදාව භාරයට ගෙන ඊයේ (12) කල්පිටිය පොලිසියට බාරදී ඇත.

පුද්ගලයන් 24 දෙනෙකු මෙලෙස කැනඩාව බලා යාමට සුදාන්ම්වී ඇති බවත් ඔවුන් අතර කාන්තාවක් හා කුඩා ළමුන් තිදෙනෙකු ද සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය.

මෙම පිරිස ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය හා මුලතිව් යන ප්‍රදේවල පදිංචිකරුවන් බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔවුන් රැගෙන ආ ලොරි රථයක්ද නාවුක හමුදාව සිය බාරයට ගෙන ඇති බවද සදහන් කළේය.

ඔවුන්ව කැනඩාවට යැවීමට සුදානම් කළ පුද්ගලයා මෙම ගමනට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 සිට 5 දක්වා මුදලක් අරගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. යාපනයේ පදිංචි මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද ඔහු සදහන් කළේය.

ආගමන විගමන නිතිය ප්‍රකාරව නිශ්චිත ගුවන් තොටුපොලකින් හැර වෙනත් ස්ථානයකින් විදෙස්ගත විය නොහැකි බවත් රටට ඇතුළුවිමට අවශ්‍ය විසා නොමැතිව යා නොහැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙය මිනිස් ජාවාරමක් බැවින් කල්පිටිය පොලිසිය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වන බවද සදහන් කළේය.

t

o

p