යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ- පිලිප් දිසානායක

March 12, 2021

නීතියට පිටින් කළ ඝාතන 26 ක් 2020 වසරේ දී පමණක්  වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි.

පසුගිය වසර තුල සිද්ධින් 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය රැඳවියන් 11 නා ද සමඟ ඝාතනය වු ගණන 26 ක් බව ඔහු පෙන්වා දෙයි.

රටක මානව හිමිකම් ස්ථාපිත වී ඇති බව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයක් ලෙස නිර්නායක තුනක් ඇති බවත් පළමුවැන්න නම් ඒ් රටේ නීතියට පිටින් ඝාතන සිදු විය නොහැකි බවත් දෙවැන්න නම් අතුරුදහන් වීම් සිදු විය නොහැකි බවත් තුන්වැන්න නම් වධහිංසා සිදු විය නොහැකි බවත් යැයි ඔහු පවසයි.

නමුත් මේ කාරණා තුනම අතීතියේ සිටම මෙරට අඩුවැඩි වශයෙන් පවතින බවත් වධහිංසාවට ලක් වු විශාල පිරිසක් ලංකාව තුල සිටින අතර මේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් බැවින් රටේ මහජනතාවගේ අවධානය මේ සඳහා යොමු විය යුතුමයි යැයිද හෙතෙම අවධාරණය කර සිටියි.

අපගේ නිශ්ශබ්ද වීම හමුවේ මෙය තවත් ත්‍රීව වනු විනා අඩු නොවන බවත් වධහිංසාවට එරෙහි නීති 02 ක් මෙරට ක්‍රියාත්මක වුවත් තවමත් වධහිංසාව අඩු වී නැති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ලංකාවේ පොලිසියට පමණක් ඇඟිල්ල දික් කිරීම සාධාරණ නැති බවද වධහිංසාව බරපතලව සිදුවෙන ආයතන තුනක් ඇති බවත් ඒ් පොලිසීය, බන්ධනාගාර පද්ධතිය හා පාසල් පද්ධතිය තුල බවය.

වධහිංසාවට ලක් වෙන බොහෝ පුද්ගලයින් ඒ්වා විඳදරාගෙන නිහඬව සිටින බවත් මේ අනාවරණය වන සිද්ධි වාර්තා වන්නේ දැනට දිවයින පුරා සිටින මානව ආරක්ෂකයින් හරහා බවත් ඒ් නිසා වධහිංසාවට ලක් වෙන පුද්ගලයින්ම මෙයට විරුද්ධව කථා කළ හැකි ක්‍රියාවලියක් අවැසිව ඇතැයිද පිලිප් දිසානායක මහතා පවසයි.

රජයේ පවතින යම් යම් අඩුපාඩු නිසා මේ නීති විරෝධි ඝාතන හා වධහිංසා වැඩි වෙන බවත් ඒ් නිසා රජය වහාම මේ පිලිබඳ අවධානය යොමු කර වැඩපිලිවෙලක් සැකසිය යුතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

පොලිස් පද්ධථිය තුල සිටින 55% ක් පමණ සිටින්නේ මැති ඇමති ආරක්ෂක සේවයේ බව පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබු අතර ඒ් අනුව සිවිල් කටයුතු සඳහා පොලිස් නිලධාරින් සිටින්නේ 1/2 ක් වැනි ප්‍රමාණයක් බවද සඳහන් කරන ඒ් මහතා පවසන්නේ පොලිස් ධාරිතාව වැඩි කර, ඔවුන්ට අවශ්‍ය පුහුණුව, පහසුකම් ලබා දිය යුතු බවය.

අපරාධ පරික්ෂණ ක්‍රියාවලිය යනු සුවිශේෂි ක්‍රියාවලියක් බවත් එය හැමෝටම කළ නොහැකි බවද යුනිෆෝම් එක ඇන්ද පමණින් එය කළ නොහැකි අතර ඒ් සම්බන්ධ මනා පුහුණුවක් අවශ්‍යව ඇතැයිද ඔහු කියා සිටියි.

අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාවිතා කරන ක්‍රමවේදය ප්‍රාදේශිය පොලිස් ස්ථාන වලට ලබා නොගන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටින පිලිප් මහතා පවසන්නේ රටක දියුණුවට හොඳ පොලිසියක් අවශ්‍ය බවය. ඒ් නිසා පොලිස් පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.

පොලිසියේ කඩා වැටීමට අධිකරණ වල නඩු ප්‍රමාදය බලපාන බව පෙන්වා දුන් ඔහු පවසන්නේ අපරාධයකට යුක්තිය ලැබීමට වසර කට දෙකකට වඩා ගත වන්නේ නම් ඉන් ඵලක් නොවන බවය.

එසේම අධිකරණ වෛද්‍යවරුන්ගේ ක්‍රියාවලියද මේ වධහිංසාව සම්බන්ධයෙන් බලපාන බව ඔහු පවසයි. ඇතැම් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා සැලකිල්ලකින් ලබා නොදිම ගැටලු සහගත බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වධහිංසාවන්ට එරෙහි වෙමු මැයෙන් දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙය වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවේදී පොලිසියේ වධ හිංසාවට ලක් වු ගොකරැල්ල උසස් පෙළ අහිමි වු සිසුවාගේ මව වන යමුනා කුමාරි, පූගොඩ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ගයාන් පුෂ්පකුමාරගේ බිරිඳ වන වාසනා, හක්මන පොලිසියේ පහර කෑමට ලක් වු ධනුෂ්ක මධුරංග, බේරුවල පොලිසිය මඟින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන සාවද්‍ය නඩුවක් ගොනු කළ බේරුවල යොහාන් , බදුරලිය පොලිසියේ පහර කෑමට ලක් වු සුරංජිත් හා වසර විසි එකක් පුරා සිය සහෝදරයාගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉල්ලන අමිතා ප්‍රියන්ති යන මහත්ම මහත්මීන්ද අදහස් දැක් වුහ.

t

o

p