හිස සුන් තරුණියගේ ඩි.එන්.ඒ සාම්පල හා ඇගේ මවගේ මෙන්ම සොහොයුරාගේ සාම්පල ගැලපෙයි

March 9, 2021

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු “හිස රහිත තරුණියගේ“මළ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) පවත්වා තිබේ.

මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වීමත් සමග මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව ඝාතනයට ලක්වු තරුණිය ගැබිනියක් නොවන බවත්, මරණයෙන් පසු ඇයගේ හිස වෙන්කර ඇති බවත්, රාත්‍රී ආහාර ගෙන පැය 2 – 3ක් අතර කාලයේ දී ඇය මියගිය බවට හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන්ගෙන් ලද තොරතුරකට අනුව “හිස නොමැති තරුණියකගේ“ මළ සිරුරක් ට්‍රැවලින් බෑගයක බහා තිබියදී මාර්තු 1 වන දා පොලීසිය විසින් සොයා ගනු ලැබීය. පොලිසිය කළ පරික්ෂණයේදි සැකකරු උපපොලිස් පරික්ෂකවරයෙකු බවට හදුනාගත් අතර පසුව ඔහු සියදිවි හානිකර ගෙන තිබුනි. මෙලෙස සියදිවි හානිකරගත් පොලිස් නිලධාරියා අධිකාරී මුදියන්සෙලාගේ ප්‍රේමසිරි නමැති  52 හැවිරිදි තිදරු පියෙකි.

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනිමට නොහැකි වී ඇති අතර, ඒ පිළිබඳ පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

t

o

p