කාන්තාවන් සඳහා දුම්රිය මැදිරියක් වෙන් කිරීම වෙනුවෙන් යම් පාර්ශ්වයකින් ඉල්ලීමක් කලහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවෙ අද (09) දින පාර්ලිමේන්තුවේදී ශාන්ත බංඩාර මන්ත්‍රීවරයා දුම්රියේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් අවම කිරීම සඳහා කාන්තාවන් වෙනුවෙන් වෙනම දුම්රිය මැදිරියක් වෙන් කිරීම සම්බන්ධයෙන් නගන ලද ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි.
මෙහිදී ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා තවදුරත් අවධාරණය කරමින් කියා සිටියේ එම වෙන් කිරීම ක්‍රම 02ක් යටතේ සිදුකල හැකි බවයි. එනම් පොදු දුම්රිය මැදිරිය තුලම කාන්තාවන් සඳහා වෙනම ආසන කිහිපයක් වෙන්කල හැකි අතර එසේත් නොමැතිනම් කාන්තා සංවිධාන මඟින් අවශ්‍ය දුම්රිය මාර්ග පිළිබඳව දැනුම්දෙනු ලැබුවහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බැලිය හැකි බවයි.
ත්‍රී රෝද රථවල වේග සීමාව වැඩි කිරීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා එය ප්‍රවාහන කොමිෂන් සභාවට යොමු කරන බවටද ගරු අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
අලව්ව දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු අඩාලවීම සම්බන්ධයෙන් ශාන්ත බංඩාර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා පවසා සිටියේ එම දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මේ වනවිට රු. මිලියන 23 ක මුදලක් වැය කර ඇති බවත් 2020 වර්ෂයේදී කෝවිඩ් වසංගතය නිසා අදාළ සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වීමෙන් සංවර්ධන කටයුතු ප්‍රමාද වූ බවත්ය. එසේම එතුමා වැඩිදුරටත් සඳහන් කලේ දයාවංශ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමට අදාළ සංවර්ධන කටයුතු පවරා ඇති අතර එම කටයුතු කඩිනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවය.