බස්නාහිර පළාතේ පාසල් කොටස් දෙකකට විවෘත වේ

March 9, 2021

බස්නාහිර පළාතේ පාසල් ශ්‍රේණි 3 ක් වෙනුවෙන් ලබන මාර්තු 15 දා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි.

ඉතිරි සියළු ශ්‍රේණි සදහා අප්‍රේල් මස නිවාඩුවෙන් පසු අප්‍රේල් 19 වන සදුදා සිට බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන බව ද අමාත්‍යරවාය සදහන් කරයි.

ලබන 15 දා සිට බස්නාහිර පළාතේ පාසල් හි 5 වන ශ්‍රේණිය, 11 වන ශ්‍රේණිය හා 13 වන ශ්‍රේණි සදහා පමණක් ඉගැන්වීම් කටයුතු ආරම්භ ‍කිරීමට නියමිතය.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ලිඛිත නිර්දේශ අනුව එම තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

2021 වසර සඳහා 1 ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ට ද ප්‍රථම වරට පාසල් ආරම්භ කරනු ලබන්නේ අප්‍රේල් 19 වන දාය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලු ශ්‍රේණි සඳහා සියලු පාසල් මාර්තු 15 වන දා විවෘත කෙරෙන බවද අමාත්‍යවරයා කීවේය.

t

o

p