අණ්ඩුව පෙරළන්න ආණ්ඩුවේම පිරිසක් රනිල්ට පාර්ලිමේන්තු එන්න කියලා

February 22, 2021

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව එ.ජා.ප. සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

2024 ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බව හෙතෙම අනාවරණය කළේය.

බලපිටිය සහ අම්බලන්ගොඩ එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම්වලට 21 දින සහභාගී වෙමින් මේ බව සඳහන් කළ අබේවර්ධන මහතා ආණ්ඩුව ලබා ගැනීම සඳහා වන සැලසුම් සම්පූර්ණයෙන්ම අනාවරණය කළ නොහැකි බවත් එය නුදුරේදී දැනගැනීමට  හැකි වනු ඇති බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිලිවෙළ කෙරෙහි දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින ආණ්ඩුවේ ඇමතිවරු 2024 දී නව ආණ්ඩුව පිහිටුවීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන බව ඒ මහතා අනාවරණය කර සිටියේය.

මෙම වැඩපිළිවෙලට ශක්තියක් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නොපමාව පාර්ලිමේන්තුවට එවන ලෙස එම ඇමතිවරුන්ගෙන් සහ විපක්ෂයේ ප්‍රභලයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබෙන බව හෙතෙම පැවසීය.

2024 රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුව ගොඩ නැඟීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12000 ආවරණය වන පරිදි නව දැක්මක්, නව වැඩ පිළිවෙලක් සහ නව දර්ශනයක් සහිත  පුළුල් වැඩ පිළිවෙලක් නුදුරේදීම ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබෙන බව වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

t

o

p