වියළි කාළගුණයෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

February 22, 2021

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බාධා එල්ලවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

වියළි කාළගුණය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජලය ලබා ගන්නා ජල

මූලාශ්‍ර සිදියාමට පටන් ගෙන ඇති බැවින් පානීය ජලය ලබාදීම සිමා කිරීමට සිදුව ඇතැයි ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය මණ්ඩලය පැය 24 පුරා අඛණ්ඩව ලබා දෙන තත්ත්වය තුළ උස් බිම්වල වෙසෙන පාරිභෝකියින් සඳහා ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඔවුන් සදහන් කරයි.

පවතින වියළි කාළගුණික තත්ත්වය තුළ ජල පරිහරණය අරපිරිමැස්මෙන් කරනා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

t

o

p