කාන්තාවන්ට ජෙ.නියෝජ්‍ය පොලිස්පතිධූර 1 ක්, නියෝජ්‍ය පොලිස්පතිධූර 4 ක් ඇති කරන්න යෝජනා

February 21, 2021

පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිණියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනි තනතුරක්, නියෝජ්‍ය පොලිස්පතිනි තනතුරු 4 ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි තනතුරු 12 ක් ඇති කිරීමට  2019 දෙසැම්බර් 12 දා යෝජනා කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරකට පමණක් අනුමැතිය තිබියදී ජාතික පොලිස් කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට ඊට අමතරව කාන්තා නිලධාරිනියන් 9 ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීමට 2019 වර්ෂයේදි කටයුතු කළ බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

රාජ්‍ය ආයතනවල අනුමත තනතුරුවලින් 15% ක් කාන්තා නිලධාරිනියන්ට වෙන් කිරීමට රජය විසින් ගත් තීරණයකට අනුව ශ්‍රී ලංකා පොලිසිය ද තනතුරුවලින් 15% ක් කාන්තා නිලධාරිනියන් සදහා සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සලස්වා ඇති බව ද එම නිවේදනයේ සදහන්ය.

ශ්‍රී ලංකා පොලිසිය සෑම අවස්ථාවකදීම කාන්තා නිලධාරිණියන්ගේ අයිකිවාසිකම් ආරක්ෂා කිරීමට  අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් කාන්තා නිලධාරිණියන්ට වෙනස්කොට සලකන බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

t

o

p