සහරාන් හෂීම් බයිඅත් දිවුරුම ගත් බව අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙළිකරයි

February 21, 2021

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ප්‍රහාරකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අන්තාවදී පන්තිවලදී “බයි අත්“ නම් දිවුරුම හෙවත් ඕනැම අවස්ථාවක මරාගෙන මැරීමට දෙන දිවුරුම ලබා ගෙන ඇති බව ඉකුත් සිකුරාදා (19) අත්අඩංගුවට ගත් කාන්තාව හෙළි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් ඉකුත් සිකුරාදා මාවනැල්ල හිගුල ප්‍රදේශයේදි 24 හැවිරිදි මොහොමඩ් ඉබ්‍රහිම් ෂහිඩා නැමැති 24 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගත් බවත් ඇය විසින් මෙම කරුණ හෙලි කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එසේම කාන්තාවන් 15 දෙනෙකු පමණ සහරාන් හෂීම් විසින් 2018 දෙසැම්බර් මස පැවැත්වූ අන්තවාදි ඉගැන්වීමේ පන්තිවලට සහභාගී වී තිබෙන බවට ඇය හෙළිකර තිබෙන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන් 5 දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරදු ප්‍ර දේශයේ ආරක්ෂක අංශ කළ වැටලීමකදී නිවසක් තුළ වූ පිපිරිමෙන් මිය ගොස් තිබෙන බවද පැවසීය.

ඉන් තිදෙනෙකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර අත්අඩංගුවට ගත් කාන්තාවද සමග රැදවුම් නියෝග යටතේ කාන්තාවන් 07 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරන බව ද ඒ මහතා කීවේය. ඒ අනුව 10 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අල්ලාගෙන ඇති බවද ඔහු සදහන් කළේය.

සහරාන් හෂීම්ගේ අන්තවාදි පංතිවලදී පහුණුවීම්වලින් පසු බයිඅත් දිවුරුම නම් දිවුරුමක් ලබාගත් බවත් මෙයින් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්න සුදානම් බවට  දිව්රුම් ලබා ගන්නා බවද ඒ මහතා සදහන් කළේය.

t

o

p