අයිපීඑල් වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හැලෙති

February 21, 2021

මේ වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිසිදු කණ්ඩායමක් නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව උදා වී නැත.

ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී පෙරේදා පැවැති අතර කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් පිළිබඳ කණ්ඩායම් හිමිකරුවන්ගේ අවධානයක් නොවිණි.

මේ තරගාවලියේ එක් කණ්ඩායමක සංචිතයකට 25ක් අන්තර්ගතවන අතර, එයට විදෙස් ක්‍රීඩකයන් 8ක් උපරිමව ඇතුළත් කර ගත හැක. මේ වන විට සියලු කණ්ඩායම් තමන්ට ගත හැකි විදෙස් ක්‍රීඩකයන් 8 දෙනා මිලදී ගෙන අවසන් බැවින් මෙවර අයිපීඑල් තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට තරග වැදීමට අවස්ථාව හිමි නොවීම විශේෂත්වයකි.

t

o

p