වැඩි මිලට සහල් විකුණූ 500කට වැඩ වරදී

February 21, 2021

රජය පනවා තිබෙන පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් විකිණූ 500කට වැඩි පිරිසකට මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා ප්‍රකාශ කරයි.

සම්බා, නාඩු සහ කැකුළු සහල් සඳහා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය මේ වන විට පාලන මිලක් පනවා ඇති අතර සම්බා කිලෝවකට රුපියල් 98ක්, නාඩු කිලෝවකට රුපියල් 96ක් සහ කැකුළු කිලෝවකට රුපියල් 93ක් ලෙස එම පාලන මිල ක්‍රියාත්මකය.

එළඹෙන සතියේදී මේ වැටලීම් වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

t

o

p