ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වෙයි

February 20, 2021

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට සමත්ව තිබේ.

සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුළ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 20.3% ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියන අතර 2020 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වසර සඳහා රු. මිලියන 20,163 ක වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීම සඳහා මෝටර් රථ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සන්නාමය වන ‘‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්”‍ සෘජුව දායකත්වය දක්වන ලද අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්‍ වෙතින් මෝටර් රථ රක්ෂණ වෙළඳපල තුල පවත්නා සුවිශේෂී රක්ෂණ අවශ්‍යතා වලට අනුකුලව නවමු රක්ෂණ සැලසුම් රැසක් හඳුන්වා දෙමින් මෝටර් රථ රක්ෂණ ක්ෂේත‍්‍රය තුල පාරිභෝගිකයාට වඩාත් පුළුල් පහසුකම් සැපයීමට සමත්ව සිටී.

කොවිඞ් 19 වසංගත තත්වය මගින් නිර්මාණය කරන ලද අභියෝග හමුවේ වුවද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය නවමු රක්ෂණ සැලසුම් හඳුන්වා දෙමින්, රක්ෂණ ක‍්‍රියාවලීන් විධිමත් කරමින් වඩා කාර්යක්ෂම සේවාවක් අඛණ්ඩව  පාරිභෝගිකයන්ට ලබාදීමට පසුගිය වසර තුළ සමත්ව තිබේ.

t

o

p