පාර්ලිමේන්තුවේ මොන දුරස්ථභාවයක්ද ?

February 20, 2021

පවතින වසංගත තත්ත්වය හමුවේ ඉන් ආරක්‍ෂා වීමට තමා කොවිඞ් එන්නත නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී විදගත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මහජනතාව සමඟ නිතර ගැටෙන පිරිසක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම මෙම කොවිඞ් එන්නත මේ මොහොතේ විදගැනීම වඩාත් සුදුසු බව ද ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන වෙලාවට බලන්න ඕන දුරස්ථභාවය.

කිසිම දුරස්ථභාවයක් නැහැ. මන්ත‍්‍රීවරුන් ළඟ ළඟ තමයි යන්නේ.

මන්ත‍්‍රීවරයා නැඟිටලා කතා කරනකොට දෙපැත්තේ මන්ත‍්‍රීවරුන් ඉන්නෙත් ළඟ. ඉතිං මේ තුළින් කොවිඞ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා.

මම කියන්නේ රටේම සමස්ත ජනතාවට මේ එන්නත දෙන්න ඕන තමයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටත් මූලිකව මේ එන්නත ලබාදීම කළ යුතුයි කියලයි.

t

o

p