වාස් වේගපන්දු පුහුණුකරු තනතුරට

February 20, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබලතම වේගපන්දු යවන්නා වූ චමින්ද වාස් යළිත් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුර සඳහා පත්කර තිබෙනවා.

ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් ඊයෙ සිය ඉල්ලා අස්වීම ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබිණි.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා වාස් පත්කර තිබේ.

චමින්ද වාස් මීට පෙර නවසීලන්තය, අයර්ලයන්තය යන කණ්ඩායම්වලද වේගපන්දු පුහුණුකරු ලෙස කෙටිකාලීනව සේවය කර තිබේ.

t

o

p