පොලිසියේ කියා බියගන්වා ජංගම දුරකථනය පැහැරගෙන

February 20, 2021

තමන් පොලිස් නිලධාරීන් බව පවසා පාසල් දරුවකු බියකොට ඔහු අත තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට බදුල්ල පොලිසිය පියවර ගෙන තිබෙනවා.

බදුල්ල දෙයියන්නේවෙල පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු හා බදුල්ල ඔලියමණ්ඩිය පදිංචි 27 හැවිරිදි අයෙකු මෙසේ අත් අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් මත්කුඩු භාවිතයට තදින් ඇබ්බැහි දෙදෙනෙකු බවද අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

t

o

p