මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 74000 ඉක්මවයි

February 13, 2021

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් ගණන ඊයේ රාත්‍රිය වනවිට 74000 සීමාව පසුකළා.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 940 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් 632 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වන අතර 4 දෙනෙකු බන්ධනාගාර පොකුරෙන් වනවා.

තවත් ආසාදිතයින් 4දෙනෙකු විදේශයන්හී සිට පැමිණි අයයි

මේ අතර ඊයේ තවත් මරණ 5ක් වාර්තාවීමත් සමග මෙරට මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගියා.

t

o

p