ප්‍රේමලාල් ජයසේකර ට මෙන් රන්ජන් රාමනායකට ද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදෙන්න

February 12, 2021

ප්‍රේමලාල් ජයසේකර ට මෙන් රන්ජන් රාමනායකට ද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදෙන ලෙස අද (12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.
සිය  සහෝදර මන්ත්‍රිවරයෙකු වන  රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද අනුව  ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය  එලෙසම පවත්වාගෙන යා යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය .

අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ට මේ පිළිබඳව  උපදෙස් දී තිබුණු බවට නියෝගයක්ද    මාර්තු 17 වනදා නැවත කරුණු දක්වන තෙක් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය  කටයුතු කිරීමට ගම්‍ය වන ලෙස  පෙබරවාරි පස්වැනි දා  ද  නියෝගයක් ලබාදී ඇති බව මෙහිදී සජිත්  ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින්   රන්ජන් රාමනායක මහතාගේ  වසර හතරක බන්ධනාගාර  කාල සීමාවේදී මන්ත්‍රීධූරය මාස 6ක කාලසීමාවක් ගත වන තුරු පවතින බව ට කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවට පැහැදිලි කර සිටියේය .

මේ අනුව , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ රන්ජන් රාමනායක මහතාට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙහි කටයුතු කළ හැකි බවට නියෝගයක් නොව නියෝග දෙක තුනක් ලබාදී ඇති අතර  එහෙයින් ප්‍රේමලාල් ජයසේකර මහතාට සහ සේම රන්ජන් රාමනායක මහතාට මහතාට ද පාර්ලිමේන්තු පැමිණීමට අවසර ලබාදී  ඔහුගේ  මන්ත්‍රී වරප්‍රසාද රැකදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේය .

ඊට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ම සූරියවැව බලව මාරාන්තික උපහාසය පිළිබඳව සිහිපත් කළ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට උද්ගතව තිබෙන සූරියවැව ඉඩම් මංකොල්ලය නිසා යෝජිත වන අලි කළමනාකරණ සංරක්ෂිතය පිළිබඳ ගැසට් නිවේදනය ඉක්මන් කිරීම  අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි ද පෙන්වා දුන්නේය .

එසේම, සභාවේ ප්‍රකාශ වුණු ආකාරයට  දේශපාලන පලිගැනීම් සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම කොමිසන් වාර්තා කොමිෂන් වාර්තා සභාගත කිරීම ගැන අවධානයට ලක්කළ විපක්ෂ නායකවරයා  එහි අන්තර්ගතය වෙනත් මාර්ග වලින්   ප්‍රචාරණය වීම මගින්  අසීමිත ලෙස හෑල්ලුවට හා  අගෞරවයට පත් වන්නේ  මෙම පාර්ලිමේන්තුව බව පෙන්වා දුන්නේය .

මෙහිදී එම වාර්තාවන් ඉදිරිපත් කළ හැකි කාලසීමාවක් ලබාදිය හැකි දැයි පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විමසූ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්  ප්‍රනාන්දු මහතා පැවසූයේ  සිය රජය   එම පාර්ලිමේන්තු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ඉතා කඩිනමින් කටයුතු කරන බවයි .

t

o

p