බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකත්

February 12, 2021

මහා බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රබේදය වන B 1.1.7 UK ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

නව වෛරස ප්‍රබේදය ආසාදනය වූ රෝගීන් කොළඹ, අවිස්සාවේල්ල, බියගම හා වව්නියාව යන ප්‍රදේශවලින් හදුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවකි.

එසේම ඉකුත් 10 දා සිට මෙරට කොවිඩ් රෝගීන් දිනකට වාර්තාවීම 900 සිමාව ඉක්මවා ගියේය. ඉකුත් 10 වන දින දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වාර්තා කරමින් රෝගීන් 976 ක් වාර්තා වූ අතර ඉන් පසුවද ඊට ආසන්න සංඛ්‍යාවකින් රෝගීන් වාර්තා විය. මෙය රෝගීන් වාර්තාවීම 7.2% ක වර්ධනයකි.

t

o

p