වැලන්ටයින් කාලයේ එන වංචනික සමාජ මාධ්‍ය පණිවුඩ ගැන සැලකිලිමත් වන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

February 12, 2021

ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දින සැමරුම් වෙනුවෙන් විවිධ වංචනික කටයුතු කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවට පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඔබේ දුරකතනයට, සමාජ මාධ්‍ය ගිණුමට යම් පණිවුඩයක් එවමින් ආදරවන්තයෙකු හෝ ආදරවන්තියක විසින් වටිනා ත්‍යාගයක් එවා ඇති බවට පවසා එය ලබා ගැනීමට යම් මුදලක් තැන්පත් කරන ලෙසට දැනුම් දිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

භාණ්ඩය එවන කුරියර් ආයතනයට ගෙවීමට යැයි පවසා මෙලෙස මුදල් ලබාගන්නා වංචනික ක්‍රියා සිදු කිරිමට පිරිසක් කටයුතු කරමින් සිටින බවට වාර්තා වන බැවින් මෙවැනි වංචනිකයන්ට හසු නොවන ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

එම නිසා මෙවැනි පණිවුඩයක් ලද හොත් ඒ ගැන වහාම සොයා බලා තහවුරු කර ගැනීමකින් තොරව මුදල් තැන්පත් කරන්නට නොයන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

t

o

p