බදුල්ල නගර සභාවේ පාලනය කොමසාරිස්වරයෙකු යටතට

February 10, 2021

බදුල්ල මහ නගර සභාවේ කටයුතු කොමසාරිස් පාලනයකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සඳහන් කළේ, නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව බලය පිහිටුවා ඇති අතර ඔවුන්ට මන්ත්‍රී ආසන 12 ක් හිමිව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත ආරියසිරි මහතා නගරාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

කෙසේ වෙතත් වසර දෙකක කාලයකට පමණක් ඔහු නගරාධිපතිවරයා ලෙස පත්වූ අතර ඉන් පසුව නගරාධිපතිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදිය යුතු වේ.

t

o

p