රන්ජන් රාමනායකව බලන්න බන්ධනාගාර නිලධාරින් අවස්ථාව දුන්නේ නෑ. එය සිය මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් – දිලිප් වෙදආරච්චි

February 9, 2021

මන්ත්‍රීවරයෙකුට ඇති වරප්‍රසාදයන් වන රැදවියන් බැලීමට තිබෙන අවස්ථාව අගුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් කඩ කොට ඇතැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද (09) පාර්ලිමේන්තුවේදි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව හමුවෙන්න අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගිය ද ඊට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් සිය වරප්‍රසාද කඩවු බව කියමින් මෙසේද කීය.

අපි 2021 .01.19 දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියා අපේ රංජන් රාමනායක  මන්ත්‍රීතුමා බලන්න. මට ඇතුළට යන්න අවස්ථාව දුන්නෑ. මම බන්ධනාගාර ප්‍රධාන නිලධාරීතුමාට දුරකථනයෙන් කථා කරල මට ඇතුළට එන්න අවස්ථාව දෙන්න කියලා. නමුත් මට අවස්ථාව දුන්නෑ. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටත් තහනම් කරලා තියෙනවා කිව්වා රැඳවියන් බලන්න. මම එතුමා දුරකථනයෙන් කථා කරන්න හැදුවත් එතුමා ආන්සර් ක‍ෙළේ නෑ. ඒ අවස්ථාවේ රංජන් රාමනායක මහතාව බස් එකෙන් ඇතුලට අරගෙන ගියා.

මම නැවත බන්ධනාගාර ප්‍රධාන නිලධාරීතුමාට දුරකථනයෙන් කථා කරල කිව්වා මම පී සී ආර් කරලා වාර්තාව අතේ තියං ඉන්නේ. රංජන් රාමනායක මහතා දින 14ක් නිරෝධයනය කරලා ඉන්නේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වරප්‍රසාදයක් තියෙනවා රැඳවියෙකු බලන්න. ඒක වෙන්නේ අපි  බන්ධනාගාර ප්‍රධාන නිලධාරීතුමාට කථා කළාම එතුම අපිව කැඳවලා අදාල රැඳවියව කැඳවලා විශේෂ කාමරයක අපිට හමුවෙන්න පුලුවන්.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. මේ බන්ධනාගාරය ලෝකෙ තියෙන හොඳම බන්ධනාගාරයක්. ඒ තාක්ෂණය පාවිච්චි කරලා මන්ත්‍රීවරයෙක්ට රැඳවියෙක් බලන්න අවස්ථාව ලබා දෙන්න කියලා.

t

o

p