ලංකා බැංකු මූලස්ථානය විකුණන්නේ නෑ – ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

February 9, 2021

ලංකා බැංකු මුලස්ථාන ඉඩම විකිණිමට කිසිදු සැලසුමක් නැතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙද පොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදි අද (9) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.

විපක්ෂනායකතුමා සදහන් කළ ඩී එස් ගුණසේකර සමාගම උතුරුමැද,නැගෙනහිර,මධ්‍යම සහ දකුණු පළාත පදනම් කරගෙන තම ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා.වසර 2015 සිට ඔවුන්ගේ ගිණුම් ලංකා බැංකුවේ කටුවන ශාඛාව මගින් සිදුකරනු ලබයි.මෙම සමාගම වසර 1958 සිට වසර 62ක් ලංකා බැංකුව සමග ගණුදෙනු කර තිබෙනවා.ලංකා බැංකුවේ පසුගිය වසරවල විගණන ගිණුම් අනුව 2017,2018 සහ 2019 වසරවල සෑම වසරකම රු බිලියන 10 ක් ඉක්මවු ආදායම් පෙන්නුම් කර තිබෙනවා.

දීර්ඝකාලීන ව්‍යාපාර සබදතාව සහ සමාගමේ ශක්‍යතාව පදනම් කර ගෙන බැංකුව නිසි කුමවේදය අනුගමනය කරමින් සමාගමේ ඉල්ලීම පරිදි රු බිලියන 3.1ක මුදල අනුමතකර ඇත.එහෙත් ඔවුන් එම මුදලින් බිලියන 2.1ක් ණයක් ලෙස තොග රැස් කිරීම සදහා උපයෝගී කරගන්නා ලදී.

ලංකා බැංකුව ප්‍රතිපත්තියක් ලෙස ඇපකර ණය ලබා දීම දීර්ඝ කාලීනව සිදුකරන බව ඔවුන්ගේ ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යයි.එහෙත් ඇපකර ණය ලබා දීමේදී ඉතා සුරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරයි.විපක්ෂය නගන ප්‍රශ්නයට අදාල ණය මුදල ලබා දීමටද නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇත.ඉන් පරිබාහිරව කිසිවක් සිදුව නැත.

2015 වසරේදී ඔබතුමාලගේ නායකතුමාගේ උපදෙස් අනුව ලංකා බැංකුවම පර්ටුවල් ට්‍රෙෂරීස් සමාගමට රු බිලියන 10ක් ලබා දුන්නා විනාඩි 10ක කාලයකින් .එතකොට මේ ප්‍රශ්නය ඔබතුමාට අහන්න තිබුනා.

බැංකුවක සාමාන්‍ය ව්‍යාපාර කටයුතු අතර ණය ලබා දීම සහ පොලිය ලබා ගැනීම ප්‍රධාන ආදායම් මූලයයි.රාජ්‍ය බැජකුවක් ලෙස ලංකා බැංකුව ලබන ආදායම අවසානයේ ජාතික ආර්ථිකය ශක්තිමක් කරමින් ලාභාංශ වශයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එක්වේ.

එසේම මෙම ණය මුදල ඊට අදාල පොලිය සහ ගාස්තු සමග සම්පූර්ණයෙන් අයකරගෙන ඇති අතර බැංකුවේ මූග්‍ය ස්ථායිබවට කිසිදු බලපෑමක් සිදුනොවී ඇති බවද සදහන්කරනු කැමැත්කෙමි.

ඒ අනුව මෙම ගනුදෙනුවෙන් ලංකා බැංකුව රු මිලියන තිස් එකයි තුන්ලක්ෂ අනූහතර දහසක් ලබා ඇති බව සදහන් කළ යුතුයි. මෙය කලින් තිබුනා වගේ මුලු ලංකාවේම පොලී අනුපාතය 3%කින් වැඩිවන ගණුදෙනුවක් නෙවේ ‍.

දෙවැනි ප්‍රශ්නය සදහා කිවයුතුයි අදාළ ණය මුදල බැංකුවේ නිසි ක්‍රමවේදය අනුව අදාල අධිකාරීමය බලය සීමාවන් අනුගමනය කරමින් ලබා දී ඇත.ශාඛා මට්ටමකින් ගනුදෙනුකරුවන් ට පියවීමේ ශක්‍යතාව සලකා බලන අතර කිසිදු ගනුදෙනුවකට උපරිම සීමාවක් පනවා නැත.එබැවින් එම ශාඛාවෙන් ලබා දෙන වෙනත් ණයවලට කිසිදු අගතියක් සිදුවී නැත

‍තෙවන ප්‍රශ්නය සදහා කියයුතුයි මෙම ණය මුදල ලබා දීමට අදාල භාණ්ඩ තොගය ඇපයක් ලෙස තබා ගෙන ඇති අතර කොටස් වශයෙන් ණය පියවීමේදී නිසිපරිදි අදාල තොග නිදහස්කර තිබේ.

හතරවෙනි ප්‍රශ්නය සදහා කිවයුතුයි කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දුවකට අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා විසින් ලංකා බැංකු පනත ප්‍රකාරව හිටපු ලංකා බැංකු මහකලමනාකාර  කේ බී එස් බණ්ඩාර මහතා මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත.ඔහුගේ අභිමතය පරිදි මෙය සිදුකර ඇත.ඒ අනුව ඔහුට හිමි විශ්‍රාම වරප්‍රසාද ලබා දී ඇත.එසේම ලංකා බැංකුව විසින් ස්ථාන මාරු සිදුකරනුයේ මානව සම්පත් ප්‍රතිපත්ති කමිටුව විසින් අනුපත කරන ලද ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුවයි.මේ සදහා වෙනත් ක්‍රමවේද අනුගමනය කර නැති බව සදහන් කරනවා.

ඒවගේම 48ක්වූ විධායක කළමණාකාරිත්වය සදහා පුරප්පාඩු 17ක් පිරවීමේදී බැංකුවේ ව්‍යාපාරික අවශ්‍යතා සලකා බැලිීම සිදු වුනා නිසි ක්‍රමවේදය අනුව .2019.05.16 සිට තිබු පුරප්ාඩු පිරවීම නිසා අභ්‍යන්තර කටයුතු ශක්තිමත් වුනා.

පස්වන ප්‍රශ්නය සදහා කිවයුතුයි බැංකු ශ්‍රේණිගත කරන ෆිච් රේටින් සහ ඉක්රා ලංකා ලිමිටඩ් යන පිළිගත් ආයතන මගින් සිදුකර ඇත.මෑතකදී සිදුකළ ශ්‍රේණිගත කිරීම්වලදී පහළ යාමට මූලික හේතුව කොවිඩ් වසංගතය නිසා සිදුවු ආර්ථිකය පහළ යාම හේතුකොට සිදුවු රටේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගතකිරීම් පහත යාමයි.2010 සිට 2014 දක්වා සෑම වසරකම ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට ආවත් 2015න් පසුව පහළ ගියා.ඒකාලෙත් මේ ප්‍රශ්නය අහන්න තිබුනා.

ඒවගේම අවසාන වශයෙන් ලංකා බැංකුව ප්‍රධාන ගොඩනැගිල්ල විකිණීම සම්බන්ධ කිසිදු සැලසුමක් නැති බව කිවයුතුයි.

t

o

p