නවීන් එ.ජා.ප සංවිධායක ධූරය භාර නොගන්නා බව කියයි.

January 26, 2021

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය භාර නොගන්නා බව අද (26) පක්ෂයට දැනුම් දී තිබේ.


නවීන් දිසානායක මහතා අදාළ දැනුම් දීම කර ඇත්තේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමිනි.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මහතාට දිගටම කටයුතු කරන ලෙසට අවසන් වරට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනා විය. එම තනතුර බාර ගැනීම හෝ නොගැනීම පිළිබඳ දැනුම්දීම සඳහා දින 10ක කාලයක් ලබා දෙන ලෙස නවීන් දිසානායක මහතා එහිදී කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි විය.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාර නොගත්තද නායකත්වය සහ පක්ෂය සමඟ දිගටම රැඳී සිටින බව නවීන් දිසානායක මහතා සඳහන් කර තිබේ.


නායකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කළ නව කණ්ඩායමක් තනතුරුවල සිටින හෙයින් ඒ අයට වැඩ කරන්නට අවස්ථාව දිය යුතු බව තමන්ගේ අදහස යැයිද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් දේශපාලන බලවේගය වලට සහය නොදෙන බවද නවීන් දිසානායක මහතා කීය.

t

o

p