රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ස්වයං නිරෝධායනයේ

January 26, 2021


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනා ගැනීමෙන් පසු ඔහුගේ සමීප ආශ්‍රීතයෙකු වු නිවාස හා ඉදිකිරිම් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.


පසුගියදා රූපවාහිනි නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට රාජ්‍ය ඇමතිවරයා සහභාගී වී ඇති අතර එහිදි ඔහුගේ සහායක මන්ත්‍රීවරයා ලෙස සහභාගී වි ඇත්තේ වසන්ත යාපා බණ්ඩාර මහතාය.


වසන්ත යාපා බණ්ඩාර පි.සි.ආර් පරික්ෂණයට භාජනය වී දින 08 කට පසු එහි වාර්තාව ලැබීමත්, ඔහු පි.සි.ආර් පරික්ෂණයට භාජනය වීමෙන් පසු මෙලෙස රූපවාහිනි වැඩසටහනකට සහභාගීවිමත් මත මෙලෙස සෙසු පිරිසට නිරෝධායනයවීමට සිදුව තිබේ.


වසන්ත යාපා බණ්ඩාර කොවිඩ් ආසාදිතයෙකු බවට වන පි.සි.ආර් වාර්තාව ලැබුණේ ඊයේ (25) දිනයේය.


මේ වන විට එම රූපවාහිනි සාකච්ඡාවට විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි හා හේෂා විතානගේ යන දෙදෙනාට මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව ඇත.

රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ, චමින්ද විජේසිරි හා හේෂා විතානගේ යන තිදෙනාම මේ වන විට පි.සි.ආර් පරික්ෂණවලට භාජනය වී ඇතත් තමත් එහි ප්‍රතිඵල ලැබී නැත.

t

o

p