සමගි ජන බලවේගයේ නව නිලධාරි මණ්ඩලය පත්වේ. ෆොන්සේකා – සභාපති, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු 7 ක්

January 25, 2021

සමගි ජන බලවේගයේ 20121 වසරේ නව නිලධාරි මණ්ඩලය අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පත් කර ගෙන තිබේ.

පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්ව ඇති අතර මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ද ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක ද පත්ව ඇත. පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකය.

පාඨලි චම්පික රණවක සමගි ජන බලවේගයේ සමාජිකත්වය ගෙන ඇති අතර ඔහුට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති තනතුර පිරි නමා ඇති බව වාර්තාවේ.

සමගි ජන බලවේගයේ සෙසු නිලධාරි මණ්ඩලය මෙසේය.

භාණ්ඩාගාරික – ආචාර්ය හර්ෂ ද සිල්වා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරු – ලක්ෂ්මන් කිරිඇල්ල, වෛද්‍ය රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, පාඨලි චම්පික රණවක, කබීර් හෂීම්, ඉම්තියාස් බාකිර් මාකාර්, රවි සමරවිර

උප සභාපතිවරු – හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, ගයන්ත කරුණාතිලක, පී. හැරිසන්, සුජිව සේනසිංහ, චන්ද්‍රානි බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, ඒ.එච්.එම් හලීම්

පක්ෂ මෙහෙයුම් ප්‍රධානි – හරින් ප්‍රනාන්දු

ප්‍රධාන විධායක නිලධාරි – අජිත් පි පෙරේරා

නියෝජ්‍ය මහලේකම් – නලීන් බණ්ඩාර, රොහිණි විජේරත්න

නියෝජ්‍ය ජාතික සංවිධායක – ජෙ.සි අලවතුවල, බුද්ධික පතිරණ

මාධ්‍ය ප්‍රකාශක – එස්.එම් මරික්කාර්, මනුෂ නානයක්කාර

පාර්ලිමේන්තු කටයුතු සංවිධායක – ඉරාන් වික්‍රමරත්න

t

o

p