පානදුර උතුර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්. එක් අයෙකු මිය යයි.

January 25, 2021

පානදුර උතුර පල්ලේමුල්ල ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මිගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මුහුණු ආවරණය වන සේ හිස් ආවරණ පැළැද යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිය ගිය අයට වෙඩි තබා පළාගොස් තිබේ.


අද (25) පෙරවරු 9.15 ට පමණ මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. සිද්ධිය වූ ස්ථානයේ තිබි ටි.56 වර්ගයේ පතරෝම් කොපු 4 ක් සොයාගත් බවද ඔහු කීවේය.


එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර උතුර පොලිසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීවේය..

t

o

p