රාජ්‍ය සේවා තොරතුරු ලබාගන්න පසුගිය වසරේ 1919 ට දුරකථන ඇමතුම් මිලියන එකහමාරක් ලැබිලා

January 25, 2021

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබා ගැනීමට පසුගිය වසරේ මිලියන එකහමාරකට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි (ICTA )  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන වාර්තාවන් පෙන්වාදේ. .ඉන් 95% කගේ අවශ්‍යයතා සාර්තකව සම්පුර්ණ කිරීමට හැකිවී ඇතැයි එම ආතායතනයේ වැඩසටහන් ප්‍රධානි  සුබ්‍රමනියම් ගවස්කාර් මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති කාර්යාලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව පිහිටුවා ඇති රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් ආයතන 300ක සේවා 1500කට ආසන්න ප්‍රමාණයක්  පිළිබදව තොරතුරු භාෂා තුනි න්ම නොමිලේ ලබා ගැනීමට පහසුකම් සපයා තිබේ . මෙරටදී 1919  දුරකථන අංකයත් විදේශ රටක සිට අමතන්නේනම් 094-112191919 අංකයටත්  ඇමතිමෙන් මෙම සේවාව හා සම්බන්ධ විය   හැකිය.

පසුගිය දෙසැම්බර් මාසයේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 දුරකථන අංකයට  ලැබුණු  ඇමතුම් වලින් 85%ක්ම රාජ්‍ය අංශයේ විවිධ තොරතුරු දැන ගැනීම සදහා යොමුවී තිබිණි.මහජනතාවට ඍජුවම බලපාන  අත්‍යයවශ්‍යය තොරතුරු දැන ගැනීම සදහා මෙම සේවාව විශාල උපකාරයක් වී තිබේ .  හැදුනුම් පත් වාහන බලපත්  ලබාගැන්ම ,උප්පැන්න විවාහ  සහතික ලබාගැනීම වැනි තොරතුරු විමසීම වැඩිවශයෙන් දක්නට ලැබේන බව ගවෂ්කාර් මහතා පවසයි.  . මේ ම වෙබ් අඩවියට   (www.gic.gov.lk )පිවිසීමෙන් දුම්රිය ආසන වෙන්කරගැනීම වැනි තවත් සේවා සහ තොරරුරු  රැසක්  ලබාගත හැකියි.

දුර බැහැර ප්‍රදේශ වල සිට කොළඹට පැමිණීමට පෙර හැදුණුම් පතක් විදේශ ගමන් බලපත්‍රයක් වැනි දෑ ලබා ගැනීමට සැපිරිය යුතු මුලික ලිපි ලේඛන මොනවාද යන්න වැනි තොරතුරු මෙමගින් පුර්ව  දනුවත්වීම තුලින් මහජනතාවගේ කාලයත් ධනයත් ඉතුරු කරගැනීමට හැකිවිතිබේ. . .මෙවැනි තොරතුරු  ලබා දීමට රාජ්‍ය ආයතන 1500 ක් පමණ සුදානමින් සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය. තොරතුරු යාවත්කාලීන කිරීම එම ආයතන මගින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරනු ලබයි. .

t

o

p