ඇස්ට්‍රා එන්නත ගේන්න ‍අනුමැතිය

January 23, 2021

කොවිඩ් – 19 වයිරසය මර්දනයට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබි ඇත.

මෙරට හදිසි භාවිතය සඳහා මේ එන්නත ගෙන්වීමට අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලැබුණු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

කොවඩ් මර්දනය සඳහා මෙරට පළමු වරට භාවිත කරන එන්නත මෙය බවට පත් වන බවද ඇමැතිවරයා පැවසුවේය.

t

o

p