කොළඹ වරාය නැගෙනහිර ජැටියට රනිල් කරන්න හැදු දේ මෙන්න

January 22, 2021

කොළඹ වරායේ  නැගෙනහිර ජැටියට අදාළව යහපාලන රජය අනුගමනය කළ ක්‍රමවේදයට අනුව වසර 12 ක් ගතවන තෙක් කිසිදු ණය වාරිකයක් ගෙවීමට සිදුවන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


යහපාලන රජය කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට කිසිදු පියවරක් නොගත් බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ගනු ලැබූයේ අවුරුදු හතළිහක් පුරා ගෙවෙන ණයක් ඉල්ලීම පමණක් බව ද සඳහන් කළේය.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ, 5 වන පටුමගේ තම නිවසට ඊයේ(22) පෙරවරුවේ පැමිණ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි.


ඒ අනුව ජපන් රජයෙන් ලැබෙන ණය මුදලේ පොලිය 0.1% කට සීමා කර ගන්නට හැකි වූ බවද පළමු අවුරුදු 12 තුළ ඊට අදාළව සතයක්වත් ගෙවිය යුතුව නොතිබූ බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


වසර 12 කට පසුව ණය මුදල 0.1% ක පොලියකට වසර විසි අටක් ඇතුලත ගෙවීමේදී වැය වන්නේ පොලියෙන් තොර ගත් මුදලට සමාන ප්‍රමාණයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා විස්තර කළේය.


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ක්‍රියා පටිපාටියෙන් ජපන් රජය ඉවත් කර රාජපක්ෂ පාලනය සියල්ල අවුල් කර ගත්තාට දැන් කරන්නට දෙයක් නැතැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p