ලිංගික අතවර සිද්ධියකට අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රදේශීය ලේකම්ට ඇප

January 20, 2021

කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරිනිය විසින් තමාට ලිංගික අතවරයක් කළ බවට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා ඊයේ (15) සවස අත් අඩංගුවට ගෙන ඇත.

පැමිණිල්ල ප්‍රකාරව රත්නපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය කළ විමර්ශනයකින් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.‍

පැමිණිලිකාර නිලධාරිනිය කොළඹ ජාතික ළමාආරක්ෂණ අධිකාරිය මගින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලටය අනුයුක්ත කළ නිලධාරිනියක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නිලධාරිනිය කළ පැමිණිල්ලට අනුව ඊට අදාළ දත්ත සහ සාක්ෂි අධ්‍යයනය කිරිමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

t

o

p