ඊයේ (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54,000 සිමාව ඉක්මවා ගොස් ඇත.
සෞඛය අංශ සඳහන් කරන්නේ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 54,087ක් බවයි.
සමස්ත ආසාදිත මරණ 270ක් දක්වා ඉහල ගොස් ඇත.