රෝහලට ගෙන යන්නට පෙර පැන ගිය කොවිඩ් රෝගියාට එරෙහිව නිතිමය පියවර

January 22, 2021

කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු පළා ගිය කටුනායක ඇගළුම් කම්හල් සේවකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.


යම් පුද්ගලයෙකු කොවිඩ් අසාදිතයෙකු නම් ඔහු සෞඛ්‍ය රීතීන්ට අනුව කටයුතු නොකරන්නේ නම් එම තැනැත්තා චේතනාන්විතව රෝගය පතුරවන්නෙකු ලෙස සලකා නඩු පැවරිය හැකි බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනිත් තැනැත්තෙකුට එරෙහිව වසර 3 ක බරපතල වැඩසහිත සිරදඩුවම් නියම කළ හැකි බවද කීවේය.


කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ නවාතැන්පොල නැවති සිටි ඇගළුම් කම්හලක සේවකයෙක් පි.සි.ආර් පරික්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස සෞඛ්‍ය අංශ හදුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන යාමට පෙර එම පුද්ගලයා පලාගොස් තිබු අතර අද (22) ඔහුව කටුනායක පොලිසිය විසින් සොයා ගෙන තිබේ.


මොහු ඊයේ (21) සවස මෙලෙස පලාගොස් ඇති අතර පසුව පොලිසිය කටුනායක 18 කණුව ප්‍රදේශයේ සිටියදි මොහුව සොයාගෙන ඇත.


මෙලෙස නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව පොලිසිය නඩු පවරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

t

o

p