කලා බළලු වැව් ඉස්මත්ත රක්ෂිතයේ මහා විනාශයක්

January 20, 2021

ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීම වන අලින්ගේ ගමන් ගන්නා මාර්ග පිහිටා ඇති ඉතා වටිනා ඉඩම් විනාශ කරන බව ද මේ නිසා සතුන්ට ද බරපතළ ප්‍රශ්නයක් සිදුවෙමින් පවතින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ අලි මංකඩ මේ වන විටත් විශාල භූමියක් ඩෝසර් දමා සුද්ධ පවිත්‍ර කොට ගිනි තබා තිබේ. එමෙන්ම එහි තිබූ වටිනා ගස් කොළන් වැල් ආදී යන්ත්‍රසූත්‍ර දමා කපා ගස් කුට්ටි කර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය.

මෙම රක්ෂිතය හෙළි පෙහෙළි කරන ආසන්නයේම තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදුන් බව පවසමින් යම්කිසි ඉදි කිරීමක් සිදු කරමින් සිටින අයුරුද වනජීවී නිලධාරීන් විසින් පෙන්වා දුන්නේය.

එම ඉදිකිරීම සිදුකරමින් සිටින පිරිස ගෙන් අප විමසීමේ දී කියා සිටියේ මෙම ඉදිකිරීම් කරන ස්ථානයේ අක්කරයක පමණ ඉඩම් භූමියක් ප්‍රාදේශීය සභාව මගින් ගම්මුන් හට සොහොන් භූමියකට ලබා දී ඇති බවය .

කෙසේ වෙතත් රජයේ රක්ෂිතය විශාල වශයෙන් හෙළි-පෙහෙළි කරන ඩෝසර් කරන ගස් කොළන් කපා දමන්නේ කවුරුන්ද යන්න තමන් ඇතුළු කණ්ඩායම නොදන්නා බව ඔවුහු පෙන්වා දුන්නේය.

මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ඉතා ඝනව වැඩී තිබූ වනාන්තරයේ තිබු කොහොඹ ගස් කපා මේ වන විටත් ප්‍රධාන කඳ කොටස් රැගෙන ගොස් ඉතිරි දැව කොටස් යන්ත්‍රසූත්‍ර දමා කුට්ටි කොට රැගෙන යාම සඳහා සූදානම් කර ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

මෙම විනාශය වාර්තා කිරීම සඳහා වනජීවි නිලධාරින් සමඟ එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන් ඉදිරියට අවට දිංචි පිරිසක් බව කියූ කණ්ඩායමක් පැමිණ කියා සිටියේ මෙම ස්ථානයේ සිදුකෙරෙන මහා පරිසර විනාශයන් නීතිවිරෝධී ක්‍රියාවලියන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා දැනුම් දුන්නද රජයේ නිලධාරීන්ගේ කිසිදු අවධානයක් නොවන බවය.

රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බව ගම්මු පෙන්වා දුන්හ. මෙම මහා පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම පිළිබඳව පලාගල ප්‍රාදේශීය ලේකම් අතුල බණ්ඩාර සෙනරත් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කොට විමසීමේ දී කියා සිටියේ තමන් වහාම මේ පිළිබඳව සොයා බලන බවය . කිසිදු ඉදිකිරීමකට හෝ ඉඩම් අත්පත් කර ගැනීමට හෝ අවස්ථාවක් නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රජයේ ඉඩම්වල ආරක්ෂකයා ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා පත්ව සිටියද මේ වන විට විශාල පරිසර විනාශයක් සිදු වී හමාරය.

t

o

p