ඉන්දීය කොවැක්ස් එන්නත ගැන අනතුරු ඇඟවීමක්

January 20, 2021

දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ ආසාත්මිකතාව, උණ හෝ රුධිර ගැලීම් වැනි වෙනත් රෝගවලින් පීඩාවිඳින පුද්ගලයින්, භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් පැතීම හෝ එන්නත ලබානොගෙන සිටීම වැදගත් බව එම සමාගම පවසයි.

එන්නතෙහි සාර්ථක බව පිළිබඳ දත්ත ලැබීමට ප්‍රථම ව ඉන්දීය රජය විසින් එම සමාගම විසින් නිෂ්පාදනය කළ එන්නත ජනතාවට ලබාදීමට අවසරදීම හේතුවෙන් එම සමාගම මේ වනවිට මතභේදයට ලක්වී තිබේ.

ඒ සමගම පසුගිය දින තුන තුළ විශාල පිරිසකට එම එන්නත ලබාදී ඇති අතර ඒ සමගම සමහර පුද්ගලයින්ට විවිධ ආසාත්මිකතා ඇතිවී තිබේ.

t

o

p