මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටි භූමිය කඩදාසි සංස්ථාව වෙත පවරා ගැන්නවා – අමාත්‍ය විමල් වීරවංශ

January 19, 2021

දැනට මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටා ඇති භූමිය කඩදාසි සංස්ථාව වෙත පවරා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් ව්‍යාපාර සිදුකිරීමේ හැකියාව ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් සඳහා ද විවෘත කර පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ප්‍රමාණවත්  පරිදි ජනතාවට ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කීවේය.

එමෙන්ම ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඉදිරියේදී වඩාත් සක්‍රීය මට්ටමට ගෙන ඒමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p