ජනතාවගේ නීති ගැටලු විසඳීමට එක් නිතිඥවරයෙකු මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශ මට්ටමින් පොලිසියට බඳවා ගන්නවා – අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි

January 19, 2021

ජනතාවගේ නීති ගැටලු කඩිනමින් විසඳීම සඳහා අවම වශයෙන් එක් නිතිඥවරයෙකු මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශ මට්ටමින් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම වෙනුවෙන් අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙය සංකල්පයක් ලෙස ඉතා වැදගත් බවයි.

මේ සම්බන්ධව  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අවධානය යොමුකිරීම සම්බන්ධව ස්තූතිවන්ත වන බවද හෙතෙම කීවේය.

එමෙන්ම පැමිණිල්ලේ කටයුතු ගුණාත්මකව මෙහෙයවීම සඳහා එය ඉතා වැදගත් පියවරක් බවත්, නව තනතුර ඇතිකිරීම සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, අමාත්‍යවරයා සභාවට දැන්වීය.

ලොව බොහෝ දියුණු රවටල් මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද   පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සභාවට පෙන්වා දුන්නේය.

ඊට අදාළව මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇති බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

t

o

p