රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් දෙදෙනෙක්

January 19, 2021

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  මනූෂ නානායක්කාර මහතා  පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 19) නිවේදනය කළේය.

මෙම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරනු ලැබූ නම් මෙලෙස කථානායකවරයා අද පෙරවරුවේදී නිවේදනය කරන ලදි.

t

o

p