“සිලෝන් ටී” වෙළෙද නාමය යටතේ අපනයනය කිරිම සැදු කසල තේ අල්ලයි

January 19, 2021

සීදුව කොටුගොඩ ප්‍රදේශයේදි අපනයනය කිරිමට සුදානම් කර තිබු කසල තේ කිලෝ 29000 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කසල තේ තොගය සමග සැකකරුවන් 7 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර ශ්‍රී ලංකා තේ නැතිනම් සිලෝන් ටි යන වෙළෙද නාමය යටතේ මැද පෙරදිග රටකට අපනයනය කිරිමට සුදානම් කර තිබු මෙම කසල තේ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සමග කසල තේ ප්‍රවාහනය කිරිමට සුදානම්ව නවතා තිබු කන්ටේනරයක් ද පොලිස් භාරයට ගත් බවත් ජාතික තේ මණ්ඩලය දැනුම්වත් කිරිමෙන් පසු ඔවුන් පැමිණ කසල තේ පරික්ෂ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය.

මෙරට සිලෝන් ටි නාමයට ඇති පිලිගැනීම නිසා එය බිද දැමීමට සංවිධානාත්මකව මෙලෙස කසල තේ තොග අපනයනය කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

t

o

p